අපි Web Browser (Google chrome, Firefox) වල තියන Bookmark වල වටිනාකම කියන්න අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. එත් එහෙම Bookmark වැඩි වුනාමත් එපා වෙනවා.
එකට අපිට කරන්න තියෙන්නේ Bookmark වෙන වෙනම කාණ්ඩ යටතේ ඇතුලත් කිරීම. (Bookmark Folder )
මේක ඔයා භාවිතා කරන Web browser එක අනුව වෙනස් වෙනවා.
Google chrome / Rockmelt භාවිතා කරන අයට
Bookmark--> Bookmark manager යන්න. (Ctrl+Shift+O)
දැන් හිස්තැනක Right click කරලා Add Folder දෙන්න.
මේකට ඔයාට දාන්න ඕනේ මාතෘකාවක් දාන්න. ex: Blog
දැන් ඔයාගේ තියන Bookmarks මේකට ඇදලා දාන්න.
මේ විදියට ඔයාට ඔයාගේ හැම Bookmark එකක්ම categorize කරන්න පුළුවන්.
දැන් ඔයාට අවශ්‍ය ඕනෑම Bookmark එකක් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් වේවි.
Firefox use කරන අයට
FireFox--> Bookmarks---> Show All Bookmarks (Ctrl+ Shft+ B)
All Bookmarks---> Bookmarks Toolbar යන්න
දකුණු පැත්තෙ තියන Bookmark වලට යටින් හිස් තැනක Rigයt click කරලා New Folder දෙන්න
ඔයාට Group එකට දාන්න අවශ්‍ය නම දෙන්න
මේ විදියට ඔයාට ඔයාගේ හැම Bookmark එකක්ම categorize කරන්න පුළුවන්.
දැන් ඔයාට අවශ්‍ය ඕනෑම Bookmark එකක් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් වේවි.
(Y)
ReplyDeletethanx...
Delete