Powered by Blogger.

පාට කැටේ හරියට හදමු (Solve Rubik's cube correctly)

මේක හරියට දන්නවනම් මේක විනාඩියකටත් අඩු කාලයකදී හදන්න පුළුවන්. හැබැයි වැඩේ හරියට ඉගනගන්න අවශ්‍යයි. මේකේ World record එක තියෙන්නේ තත්පර 13.8.  දෙවෙනි එක තියෙන්නේ තත්පර 18.7. අපිත් බලමු අපිට ඒ ලගටවත් එන්න පුලුවන්ද කියලා...

මේකෙදි මුලික කරුණු කිහිපයක් තියනවා වගේම හදන්න අවශ්‍ය පිළිවෙලක් තියනවා. ඒ Step ටික හරියට අල්ල ගත්තොත් වැඩේ ගොඩ.

එහෙනම් වැඩේ පටන් ගමු...

මුලික සිද්ධාන්ත... (Basic Theories)
1. මෙහි පාට 6 ක් ඇති අතර ඒ එක් එක් දිශාවේ ඇති කොටු වල මැද කොටුවෙහි වර්ණය කිසිවිටෙකත් වෙනස් නොවේ.

2. මුලින්ම නිසි තැනට ගැලපෙන නිසි Block එක තෝරාගත යුතුය. (රුපය බලන්න)


මෙතන ඔයාට දකින්න පුළුවන් යට පැත්තේ මැද තියෙන්නේ කහ පාට, දකුණු පැත්තේ තියෙන්නේ රතු පාට. එතකොට 1 කියන තැනට එන්න ඕනේ රතු පාට වගේම 2 කියන තැනට එන්න ඕන කහ පාට Block 1. ඒ නිසා ඒක හදනකොට අපි කහ, රතු Block එක හොයාගන්න ඕන.

3. ඒ විදියටම කොන් (Edge) වල තියන Block වල පාට 3 ක් තියනවා. ඒවටත් ගැලපෙන විදියට එතනට ගැලපෙන Block එක හොයාගන්න අවශ්‍යයි. මේ Example එකේනම් මෙතනට ගැලපෙන්නේ සුදු, කොළ, රතු කියන Block එක. ඒ නිසා අපි ඒක හොයාගෙන මෙතනට දාන්න ඕනේ.


මේ ටික තමයි මුලික දේවල්. දැන් අපිට වැඩේ කරන්න පුළුවන්. මේකත් අපි Step 3 ක් විදියට කරනවා.

මේකෙදි 1 වෙනි step එකේදී විශේෂ ක්‍රම ගොඩක් නෑ. තමන්ගේ අතේ හුරුවට වැඩේ කරන්න ඕනේ. 2, 3 පියවර වලදීනම් හරි විදියට කලේ නැත්නම් උඩින් හදාගෙන එනකොට යටින් වෙනස් වෙන්න පුළුවන්.

1 Step - 1 වෙනි පේළිය.

1. මේකට අපි එක පැත්තක පාට ටික හදන්න ඕනේ. එක හදනකොට මුලින් අපි + ලකුණේ විදියට (Cross) මුලින්ම හදාගන්නවා.


මේක ඔයාට එකක් 2 ක් කරනකොට අල්ලගන්න පුළුවන්.


මේකෙදි ඔයා සැලකිලිමත් වෙන්න අවශ්‍ය එකම දේ තමයි Cross එකේ තියන block 4 නිවැරදි ලෙසම නිවැරදි තැන පිහිටුවීම. මතක නැත්නම් උඩ තියන මුලික සිද්ධාන්ත වල 2 වෙනි step එක බලන්න.



අන්තිමට ඔයාට මෙහෙම එකක් දකින්න පුළුවන්.




මේ ගැන මම create කරපු Video 2 ක් තියනවා. ඒවා බලන්න







Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: