Powered by Blogger.

Wi-Fi connection එකක් හදමු..

ඔන්න අපිටනම් Exam ඉවරයි. තියන සතුට කියලා නිම කරන්න බෑ.
ඔන්න අද අපේ game ගහන යාලුවොන්ටයි යාලුවන්ගෙ Film එකතු කරන යාලුවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන Wi-fi  connection එකක් හදා ගන්නෙ කොහොමද කියලා කියන්නයි යන්නේ.
ගොඩක් අය දැකලා ඇතිනේ යාලුවො set වෙලා wi-fi connect වෙලා game ගහනවා. (ඒකෙ ආතල් එක දන්නෙ game සෙල්ලම් කරන අයම තමයි)

කතන්දර ඕනෙ නෑ කියන්නම්කෝ වැඩේ කොහොමද කරන්නෙ කියලා.

01. මුලින්ම wi-fi on කරගන්න.

02 virus guard  එකෙන් exit වෙලා ඉන්න.



03. Start එකේ network කියලා search කරන්න.


Network and Sharing Center යන්න.


Change adapter settings


Wireless Network connection 1ක්  right click කරලා properties යන්න.


Internet Protocol version 4 (TCP/Ipv4) select කරලා Properties button 1 click කරන්න.

මෙතන Use the following IP address ටික් ඒක දාලා IP address වලට 255 ට අඩු ඉලක්කම් 4 ක් දෙන්න.


මෙතන තියෙන්නෙ ඔයාගෙ IP address එක. එතන යට තියෙන්නෙ 255 ඒවා 3ක් නේ. 255 කියන්නෙ 2 පාදයට 1111111 නේ. එතන ඔය උඩ ගහපු IP address එකේ තියන 1, 0 හැම code එකක්ම ඒකට detect කරගන්න පුලුවන්.

මේ කියන බයිලා තේරෙන්නෙ නැත්නම් ගනන් ගන්න එපා. ඒක network එක හදන්න ඕන වෙන්නෙ නෑ. මොනවත් හිතන්නෙ නැතුව OK කරන්න. ඊලගට එන එකත් close කරලා දාන්න.


දැන් එහෙනම් network එක හදමු

setup a new connection or network


යටම තියන  Setup Wireless ad hoc


මෙතනට ඔයාට හදන්න ඕන network එකේ name එකයි password එකයි දෙන්න. 

සැලකිය යුතුයි:
මෙහි ඇති save this network යන්න active කලොත් ඒ network  එක දිගටම පවතින අතර එසේ නොකලහොත් තාවකාලික වශයෙන් (wi-fi off කරන තුරු) network එක පවතී.




දැන් network  එකට අලුත් යාලුවො add කරගමු..

මුලින්ම ඔයාගෙ IP address එකම අන්තිම ඉලක්කම් 3 විතරක් වෙනස් කරලා (අන්තිම අකුර විතරක් වෙනස් කරන්න) යාලුවට එයාගෙ computer එකෙන් හදන්න කියන්න. ex: 10. 8.106. 245 වෙනුවට 10. 8.106.246 


මේකෙ ඔයාලා දෙන්නගෙම settings මේ විදියට තියෙන්න ඕන...





දැන් යාලුවට කියන්න ඔයාගෙ network  එකට connect වෙන්න කියලා.. 


ඔන්න එහෙනම් වැඩේ ගොඩ.

එහෙනම් අදට මම ගියා............
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment