Powered by Blogger.

ක්‍රිකට් වල “ඩක්වට් ලුවිස්” Method එක අපිම හදාගමු. (Duckworth lewis calculate from computer or phone)






Cricket Match එකක් දවසට වැස්සක් ආවොත් මේ දෙන්නගේ පවුලේ අය තරම් බැනුම් අහන වෙන කව්රුවත් නෑ.

අද කියන්න යන්නේ ඒ Calculation එක අපිම හදාගන්නේ කොහොමද කියලා...

මේකට අපිට Computer software එකක් වගේම Phone එකට App එකක් විදියට වුනත් use කරන්න පුළුවන්.

මේ ගැන කියන්න කලින් මේ Calculation එක හැදෙන හැටි ගැන පොඩි විස්තරයක් දාන්නම්.

මේ Method එක ගැන මුලින්ම එළිදක්වුවේ 1997 වර්ෂයේදී වුනත් මේක ප්‍රචලිත වෙන්න ටික කාලයක් ගියා. ඒ ගොඩක් අයට මේක තේරුම් ගන්න අපහසු වීම නිසයි.

“ඩක්වට් ලුවිස්” යොදාගන්නේ මොනවගේ අවස්ථාවලදීද?

තරගයක් අතරතුර වැස්සක් හෝ වෙනයම් බාධාවක් නිසා අතරමගදී තරගය නතර කිරීමට හෝ ටික වෙලාවකට නතර කිරීමට සිදු වුවොත්.


මේ නීතියට බලපාන කරුණු මොනවද?

තරගය ආරම්භයේදී නියමිත පන්දු වාර ප්‍රමාණය. (20 overs, 50 overs)
වැස්ස ඇතිවන විට කණ්ඩායම ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය, මුහුණ දී ඇති පන්දු වාර ප්‍රමාණය හා දැවී ඇති කඩුලු ප්‍රමාණය.
නැවත තරගය ආරම්භ කරනවිට ලබාදෙන පන්දු වාර ප්‍රමාණය (අපතේ ගිය පන්දු වාර ප්‍රමානය අමතක කලවිට ක්‍රීඩා කිරීමට ඇති ඉතිරි පන්දු වාර ප්‍රමාණය)

එතකොට එක කණ්ඩායමකට දෙපාරක් වැස්සට මුහුණ දෙන්න වුනොත්?

එතකොට අවස්ථා 2 ක් (2 interreption) වෙන වෙනම දාන්න වෙනවා. (මේ ගැන App එක use කරනකොට පැහැදිලි වෙයි)

“ඩක්වට් ලුවිස්” Theory එකේ තියන මුලික ලක්ෂණ විදියට දැවීගිය ක්‍රීඩකයන් ප්‍රමාණය අනුව වගේම ඉතිරි වෙලා තියන පන්දු වාර ප්‍රමාණය අනුවත් ලොකු වෙනසක් වෙනවා. ඒ ගැන මේ Graph එක බැලුවම ඔයාට පැහැදිලි වෙයි.



මේකෙදි ගණනය කිරීම් වලදී කරන්නේ Resources Available ප්‍රමාණය හොයන එකයි. (මේක 100% ට අඩුවන අතර එම ප්‍රමාණය calculate වේ)




මේකේ Theory දැනට දෙපාරක් විතර වෙනස් වුනා. මම මෙතන දාලා තියනවා මේ calculation එක අපිටම කරගන්න Computer software සහ Phone App වල link එක.

Computer Software Link   https://dlcalc.codeplex.com/




මේ Software, App use කරද්දී ඔයාට මේ Guideline එකත් ප්‍රයෝජනවත්වෙයි කියලා හිතනවා.
Overs remaining in the start of the inning.
මේක normal match එකක Overs ගණන 20 , 50 ලෙස යොදන්න පුළුවන්.
සමහර Match වලට මුලදීම වැස්ස හරස් වෙලා මුලදීම පන්දු වාර ගණන අඩු කරනවා.  ex: වැස්ස නිසා දෙපිලටම පන්දු වාර 40 ක් බවට තරගය ආරම්භයේදීම තීරණය කිරීම.

Interruption
තරගය අතරතුර සිදුවන බාධාවන් මේ යටතේ හැදින්වෙනවා.


ex: තරගයේ 17 වන පන්දු වාරයේදී වැස්සෙන් තරගයට බාධා ඇතිවීම. එවිට තරගයේ ලකුණු පුවරුව Software එකේ ඇතුලත් කිරීම කරන්න වෙනවා.
එක් ඉනිමක මෙවැනි Interruption 2,3 ක් වුනත් වෙන්න පුළුවන්. එහෙම වෙලාවට Add Interruption මගින් ඒ තොරතුරු ඇතුලත් කරන්න වෙනවා.

G50

මේක 50 over match එකක සාමාන්‍ය average එක වගේ දෙයක්. මේකට 235 දැම්මම හරි. 

ක්‍රිකට් ගැන මිට කලින් දාලා තිබ්බ Post බලපු නැති අය ඒවත් බලන්න.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment