Powered by Blogger.

Pen එකෙන් කොම් එක Lock කරමු..

ඔයාගෙ යාලුවො නිතරම ඔයාගෙ කොම් එක අල්ලනවා කියමුකෝ. වගේ වෙලාවක අලුත් විදියකට ලොක් කරලා ඔයාගේ යාලුවා පුදුම කරවන්න මේකෙන් පුලුවන්.


මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්

ඔයා pen එක Remove කලාම කොම් එක ලොක් වෙනවා.
ආයෙත් Pen එක ගැහුවම Unlock වෙනවා.

බැරිවෙලාවත් pen එක නැති වුනොත්
අපිට පුලුවන් password එකකුත් දෙන්න.( කියන්නෙ අපිට ක්රම 2 කින් කොම් එක Unlock කරන්න පුලුවන්)

මොනවද තියෙන්න ඕනෙ Requrements

ඔයාගෙ කොම් එකේ .net freamework 4 තියෙන්න ඕන. ( ගැන වැඩිපුර හිතන්න එපා. install කරද්දි ඒක නෑ කිව්වොත් විතරක් ඒකත් install කරන්න)

මුලින්ම Software එක මෙතනින් Download කරගෙන ඉන්නකෝ
32bit windows use කරන අයට (download file size 1.8MB)
                - Windows 7 -32 bit
                - Windows vista -32bit
                - Windows Server 2008
                - Windows Server 2003
                - Windows XP SP3

64-bit windows use කරන අයට (download file size 418KB)
                - Windows 7 -64 bit
                - Windows vista -64bit
                - Windows Server 2008 x64
                - Windows Server 2003 x64

බැරි වෙලාවත් install කරද්දි .net Framework 4 error ආවොත්

මෙතනින් .net Framework 4 මෙතනින් අරගෙන Install කරගෙන ඉන්න වෙනවා. ඒක මෙතනින් ගන්න (869KB)

දැන් ඒන message 2 OK කරන්න


දැන් ඔයාට ආයෙත් predator software එක open කරන්න වෙනවා.
(all programmes--> predator or desktop icon)

මෙතන password එකයි (වචන 6 නොඅඩු), Create key on drive කියන එකට ඔයාගෙ connect කරලා තියන pen 1 charactor 1යි දෙන්න. (මේක කරනකොට pen එක කොම් එකට connect කරලා තියෙන්න ඕනෙ. connect කලාම ගොඩක් වෙලාවට auto charactor එක ගන්නවා; ex drive H,L)

                දැන් create key දෙන්න.
එතකොට පහල screen shot 1 වගේ වෙවි.
දැන් OK දෙන්න
දැන් predator software එක ඔයාගෙ කොම් එකේ run වෙනවා. ඔයා pen එක remove කලාම තත්පර 25ක් ඇතුලත ඔයාගෙ කොම් එක lock වෙනවා.




ලොක් වුනාම එන්නෙ Black screen එකක්.
pen එක ගැහුවම ඒක නැති වෙනවා.
එහෙම නැත්නම් 2,3 පාරක් Enter ගැහුවම password එක ගහන්න තැනක් එනවා. එතනට ඔයා කලින් දුන්න password එක දෙන්න.

වැඩේ කරලා ඔයාගෙ යාලුවො ඉස්සරහ ඩයල් එක වෙන්නකෝ..
මම ගියා....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: