Powered by Blogger.

ඔබගේ Phone එක තුල අනිවාර්යෙන් තිබිය යුතු Apps 20. (Most usable mobile Apps)


ගොඩක් අය කොච්චර වටින Phone එකක් ගත්තත් ඒකට අලුත් Apps දාලා Phone එකේ තියන උපරිම ප්‍රයෝජනය ගන්න බලන්නේ නෑ.

මම විශ්වාස කරන විදියට Phone 1 වටිනාකමෙන් 50% ක් ම රැදිලා තියෙන්නේ ඔයා Use කරන Apps වර්ග අනුව.  ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය Android Apps 300 ගැන කලින් දාලා තිබ්බ ලිපිය ඔයාලා කියවන්න ඇති කියලා හිතනවා.

ලෝකයේ ජනප්‍රියම Android App 300


මේ විදියට අද කියන්නේ ඔයා ඒ විදියට ඔයාගේ Phone එකේ අනිවාර්යෙන්ම තියෙන්න අවශ්‍ය Apps කිහිපයක්. සමහරවිට මේවගෙන් ගොඩක් ඒවා ඔයා sure එකටම Use කරනවා ඇති. ඒත් බලන්න ඔයාට මගහැරුණ Apps මොනවත් තියනවද කියලා..

මේකේ Android වලට Download link එකත් මං දානවා. ඔයාගේ Phone එකේ තියෙන්නේ Windows , Symbian, I-phone, Blackberry වගේනම් මේ App එකේ නම Search කළාම පහසුවෙන්ම හොයාගන්න පුළුවන් වෙයි. 

1. Spy camera Incognito

බස් වලදී කෙල්ලොන්ගේ Photo ගහන්න නියම භාණ්ඩේ.

2. File Expert
 අපි දැනට install කරලා තියන Apps වල install file එක (.apk) මේකෙන් ගන්න පුළුවන්. මේ ගැන කලින් ලිපියක මම දාලා තිබ්බා.

 PHONE එකේ තියන APPS වල SETUP FILE එක ගමු.

3. හෙලකුරු

Phone එකේදී සිංහල Message යවන්න වගේම Facebook වගේ වැඩවලදීත් සිංහල අකුරු type කරන්න මේක use කරන්න පුළුවන්. ඒ වගේම අලුත් version එකේ තියන Predict text නිසා ගොඩක් ඉක්මනට message යවන්නත් පුළුවන්. 

4. SL Calender

job එකක් කරන කෙනෙකුට මේ App එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. පෝය, රජයේ නිවාඩු, බැංකු නිවාඩු වගේ ඒවා මේකෙන් පහසුවෙන් ගන්න පුළුවන්.

5. Cricket Companion

අඩු Data ප්‍රමාණයකින් සම්පුර්ණ විස්තර එක්ක Live cricket score මේකෙන් ගන්න පුළුවන් නිසා මේක ගොඩක් අය අතර ජනප්‍රිය App එකක්. මේ ගැන මම කලින් දවසක ලිපියක් දාලත් තිබ්බා.

ක්‍රිකට් ලකුණු පොකැට් එකට තට්‍ටු නොවෙන්න බලන්න


6. Sri Lottery





නිතර ටිකට් (Lottery) ගන්න අයට පහසුවෙන්ම දිනුම් ප්‍රතිපල හොයාගන්න පුළුවන් App එකක්.

7. PhotoFunia

Phone එක use කරලා පහසුවෙන්ම Photo එකකට ලස්සන Theme එකක් දාලා , Frame එකක් දාලා හදන්න පුළුවන් පට්ට App එකක්.

8. AppLock

අපේ phone එකේ තියන Apps හංගලා තියන්න හොද App එකක්.

9. MX Player

Phone එක මගින් Video, Film බැලීමේදී පහසුවෙන් Forward, Backward, Next, Previous, Search , Volume control, Brightness control වගේ වැඩ ගොඩක් එක Touch එකකින් පහසුවෙන්ම කරගන්න පුළුවන් පට්ටම App එකක්.

10. Automatic call recorder


  

මේකෙන් ඔයාට කිසිම අවුලක් නැතුව call record කරන්න පුළුවන්.

11. e-buddy

Facebook chat වලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

12. SMS counter

දැන් එන Smart phone වල SMS counter එකක් නෑ. ඔයා දවසකට කොච්චර SMS යවනවද, SMS එනවද , මාසෙකට කොච්චර ඇවිත්ද වගේ ගොඩක් විස්තර මේකෙන් ගන්න පුළුවන්.

13. SMS Lock

SMS අනිත් අයට බලන්න බැරි වෙන්න Key pattern එකක් දාලා තියන්න පුළුවන්.

14. Route Tracker

මේ App එකෙන් කරන්න පුළුවන් දේවල් කලින් ලිපියක මං කිව්වා

PHONE එක භාවිතයෙන් ගමන්කළ දුර, වේගය මනිමු. (BEST GPS ROUTE TRACKING SYSTEM)


15. AutoCAD 360




මේ App එකෙන් කරන්න පුළුවන් දේවල් කලින් ලිපියක මං කිව්වා

AUTOCAD APP 1 ඔයාගේ ANDROID ජංගම දුරකතනයටත් නොමිලේ...



16. FVH (File Video Hider)

Video hide කරන්න සුපිරි භාණ්ඩේ.

17. DU Battery Saver

අනවශ්‍ය App run වීම නවතා Phone Battery එක save කරගන්න මේකෙන් පුළුවන්

18. Opera Mobile

අඩු වියදමකින් Internet යන්න මේකෙන් පුළුවන්

19. Sinhala English Dictionary

හොදම සිංහල Dictionary එක මේක කියන්න පුළුවන්. 

20. Vuze

Phone එකෙන් ටොරන්ට් File Download කරගන්න මේක use කරන්න පුළුවන්.








Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. There are many useful apps rather than those, some of above apps consume more battery power
    and slow down the phone. Others are not working properly ( EX ;- automatic call recording, e buddy). Now most of apps makers try to publish ads while the apps are running this is a disadvantage.

    ReplyDelete
    Replies
    1. automatic call recording worked well in my phone.
      ads can't stop while we on mobile data.
      If u know other useful apps tell us to know.
      thanx

      Delete
  2. 1 ta tiyana app eka download link ekak dnnako?

    ReplyDelete
    Replies
    1. https://www.dropbox.com/s/9vfj5jajme3t5i1/com.SpyCameraIncognito.apk?dl=0

      Delete