Powered by Blogger.

අපිට හරියටම ගැලපෙන Satellite TV model එක හොයාගමු. (Find the Best Satellite TV model in Sri Lanka)



මේ ලිපියේ ප්‍රධාන අරමුණ Satellite TV හා Cable TV පිළිබද අවබෝධයක් ලබාදීමයි.

මේකේ Satellite TV කියලා Topic එකේ තිබ්බට Cable TV ගැනත් විස්තර දාලා තියනවා.


සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් තියනවා. (තව ඔයාලා දාන්න ඒවත් තියනවනම් comment එකක් විදියට දාන්න)

Satellite TV

1. Dialog TV
2. SAT Lanka

Cable TV

1. LBN
2. Peo TV

මේ එක එකක් ගැන විස්තර මෙතනින් ඔයාට බලන්න පුළුවන්.


  • Peo TV


මේ connection එක ගන්න අපිට Slt connection එකක් තියෙන්න ඕනේ.

වාසි:
වැස්සක් ඇති වෙලාවට වුවද video quality එක වෙනස් නොවීම.
Rewind, Pause කිරීම මගින් අතපසු වූ වැඩසටහන් පසුව බැලීමේ හැකියාව.

Packages

ප්‍රධාන වශයෙන් Package 6ක් තියනවා. මේ Link එකෙන් වැඩි විස්තර බලන්න පුළුවන්.

http://www.peotv.com/?p=packages

අලුතෙන් Peo TV එකක් ගන්න කෙනෙකුට මේ වගේ වියදමක් යනවා.


වැඩි විස්තර මේ Link එකෙන් බලන්න පුළුවන්.

http://www.peotv.com/


  • LBN
ලංකාව තුල Cable TV ලෙස ජනප්‍රිය අනෙක් සමාගම ලෙස LBN කියන්න පුළුවන්.

මේකටත් උඩ දාලා තිබ්බ වාසි හැම එකක්ම තියනවා.

Packages


මෙතනින් Package ගැන විස්තර බලන්න


වැඩි විස්තර මෙතනින් බලන්න පුළුවන්.



  • SAT Lanka Satellite TV

දමිල අය අතර වගේම ගොඩක් චීන, ජපන් වගේ විදේශික අය අතර ගොඩක් ජනප්‍රිය Satellite එකක්. 

මෙතනින් Package ගැන වගේම chargers ගැනත් දැනගන්න පුළුවන්.




  • Dialog TV
ලංකාවේ දැනට ගොඩක් දෙනා අතර ජනප්‍රිය Satellite TV model එක විදියට Dialog TV හදුන්වන්න පුළුවන්. මමත් පෞද්ගලිකව මේ facility එක ගන්න නිසා ලොකු විස්තරයක් මේ ගැන කියන්න පුළුවන්.

Packages
1. පෙරගෙවුම් (Prepaid)
2. පසුගෙවුම් (Postpaid)

Prepaid Packages

ආරම්භක ගාස්තුව: රු. 9990
දැනට පසුගෙවුම් Package එකක් ඇති අයට රු. 7990 


 දිනකට රු. 3.00  , 6.00, 9.00 වශයෙන් package 3ක් ඇති අතර රජයේ බදු සමග රු. 3.68 ක් විතර යනවා. කොහොම වුනත් මාසෙකට මට යන්නේනම් රු. 121 ක් වගේ ගානක්.  

Package ගැන විස්තර මෙතනින් බලන්න


මේ connection එක ගත්තට පස්සේ අපිටම ගෙදරට ගෙනත් install කරගන්න වෙනවා. ඒක ගොඩක් ලේසි වැඩක්. මාලිමාව තියන Phone එකක් තියනවනම් වැඩේ තවත් ලේසියි. (company එකෙන් ඇවිත් install කරනවානම් වැඩිපුර රු. 3000 ක් අපිට ගෙවන්න වෙනවා.)

අවාසි: 
1. වැස්ස වෙලාවට, අහස කළු වුනාම බලන්න අමාරුයි. 
2. Cricket Match එකක් දවසට Channel එක කැපීම සහ අමතර ගාස්තුවක් ගෙවා Channel එක දාගන්නා ලෙස message එකක් දීම.


Channel එකක් කැපුවොත් කොහොමද Channel 1 add කරගන්නේ?

ON_Account no_Channel no ලෙස message එකක් Dialog mobile එකකින් 679 ට හෝ වෙනත් mobile එකකින් 0777 679 679 ට message එකක් යවන්න ඕනේ.

කොහොමද Channel no එක හොයාගන්නේ?
මේකට ඔයාට මේ Table 1 use කරන්න පුළුවන්. (use this link)

http://www.dialog.lk/personal/tv/packages/standard-packages/


Postpaid Packages

මම හිතන විදියටනම් Prepaid package එක මේකට වඩා ගොඩක් වාසියි. (මේකේ ගාස්තුව ගොඩක් වැඩියි)

ආරම්භක ගාස්තුව: රු. 5990
දැනට පසුගෙවුම් Package එකක් ඇති අයට රු. 4990 

මේ ගැන විස්තර ඔයාට මෙතනින් බලන්න පුළුවන්

http://www.dialog.lk/personal/tv/packages/standard-packages/

ඔයාලා දන්න දේවල් තියනවනම් comment එකක් විදියට දාන්න.



තවත් ලිපියකින් හමුවෙමු.....



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

10 comments:

  1. Dialog is cheating to customors and make fake bills.

    ReplyDelete
  2. Dialog is cheating to customors and make fake bills.

    ReplyDelete
  3. can i change my postpaid package to prepaid package, and how many cost to do that.

    ReplyDelete
    Replies
    1. Change to Per day package. it only cost 3,500 for existing users

      Delete
    2. Its not working. they said get new dialog prepaid package for 10900.

      Delete
  4. Dialog TV install karagane kohomada Thaniyama?

    ReplyDelete