Powered by Blogger.

වැඩිම කාලයක් ජීවත්වෙන සතුන් 10. (Top 10 Longest Life Span Animals)


සාමාන්‍ය පුද්ගලයෙකුට ජීවත්වෙන්න පුළුවන් අවුරුදු 120 යි කියලා කියනවනේ. ඊටත් වඩා කාලයක් ජිවත්වෙන්න පුළුවන් සතුන් ලෝකයේ ඉන්නවා. ඒ තියෙන්නේ ඒ වගේ සතුන්ගේ ජීවත්වෙන වයස අනුව පෙළගැස්මක්..

10. Sturgeon Fish – 125 years old


ආක්ටික් මුහුදේ සහ ජලාශවල ජීවත්වෙන මොවුන් අඩි 18 ක් දක්වා වර්ධනය වේ. බර රාත්තල් 240 ක් පමණ වේ.

9. Orange Roughy – 149 years old


බටහිර පැසිපික් සාගර ගැඹුරේ ජිවත්වන මෙවුන් රතු දුබුරු වර්ණයෙන් යුක්ත වේ.

8. The Geoduck – 168 years old


“ගැඹුරට හාරන්නා” යන නමින්ද හදුන්වන මොවුන් උතුරු ඇමෙරිකාව ආශ්‍රිතව ජිවත් වේ.

7. Lamellibrachia luymesi – 170 years old


පණු විශේෂයක් වන මොවුන් ගැඹුරු මුහුදේ තෙල් හා මෙතේන් කාන්දුවන ස්ථානවල ජීවත්වේ.

6. Red Sea Urchin – 200 years old


රෝස පැහැයේ සිට තැඹිලි පැහැය දක්වා වර්ණ පරසක් ඇති මොවුන් පැසිපික් සාගරයේ ජිවත් වේ. මොවුන්ගේ ඇගෙහි ඇති උල් 8 – 19 cm දක්වා වර්ධනය වන අතර සතුරන්ගෙන් ආරක්ෂාවීම සදහා මේවා උපකාර කරගනියි.

5. Bowhead Whales - 211 years old

වැඩිම වයසක් ඇති ක්ෂීරපායී සත්ව විශේෂය වන මෙම තල්මසුන් අඩි 66 ක් දක්වා වර්ධනය වේ. උපරිම බර කිලෝ 75,000 -110,000 අතර වේ.

4. Hanako” the Koi Fish – 226 years old


නිවෙස්වල ඇතිකරන පොකුණුවල පවා බහුලව දක්නට ඇති මොවුන් සුදු, කළු, රතු, කහ නිල් හා ක්‍රීම් වර්ණයෙන් යුක්ත වේ.

3. Freshwater Pearl Mussels - 250 years old



ඉතා පිරිසිදු මුතු වර්ග ලබාගතහැකි මොවුන් පිරිසිදු ජලයේ ජිවත් වේ.

2. Adwaita” the Aldabra Giant Tortoise – 256 years old


කිලෝ 250 ක පමණ බරකින් වන මොවුන්ගේ වයස කාබන් කාල නිර්ණය මගින් වයස බැලුවිට ඉහත රුපයේ සිටිනා ඉන්දියානු ඉබ්බා වසර 256 ක් ජිවත් වී ඇත.

1- Ocean Quohog – 507 years old


උතුරු අත්ලාන්තික් සාගරයේ ජීවත්වෙන මොවුන් අහාර සදහාද විශාල වශයෙන් භාවිතා කරයි. මුහුදෙහි අඩි 1300 ක් දක්වා ගැඹුරෙහි ජිවත්වන මොවුන් මුහුදු වෙරළෙහි පවා දකින්නට පුළුවන්.

මේ දත්ත වලින් පැහැදිලි වෙන එකම කරුණ තමයි මුහුදෙහි ජිවත්වන සතුන් ඉතා විශාල කාලයක් ජිවත්වන බව.

Reference: www.wikipidia.org 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments: