Powered by Blogger.

E-Bay වලින් මිලට ගතයුතු හා නොගතයුතු දේ (Guideline to buy items from E-Bay)

E-Bay වලින් අඩුවට වගේම ලේසියෙන් හොයාගන්න අමාරු Items ගෙන්නවගන්න පුළුවන් කියලා වගේම නිවැරදිව භාණ්ඩයක්‌ සොයා මිලට ගන්නා ආකාරය කලින් ලිපිවල කිව්වා මතක ඇති. ඒක බලන්න බැරිවුන අය අනිවා ඒක බලන්න.


මේ ලිපි බැලුවට පස්සේ ගොඩක් අය Items ගේමක් නැතුවම ගත්තා කියලා මට කියලා එවලා තිබ්බා.

ඒත් තවමත් ඔයාලා ගත්තේ නැති, නමුත් ඔයාට පහසුවෙන්ම E-Bay වලින් ගන්න පුළුවන් Items මොනවද කියලා මේ ලිපියෙන් කියනවා. ඒ වගේම E-Bay මගින් මිලට නොගතයුතු දේවල් මොනවද කියලත් මේ ලිපියෙන් කියනවා.

මිලට ගතයුතු දේ...

1 – සොයා ගැනීමට අපහසු Chargers / Battery


ඇතැම් Laptop / Phone වර්ග වලට කාලයක් ගියාම chargers හොයාගන්න බෑ. ඒ වගේම තමයි ලංකාවේ Laptop Battery වල මිල ගොඩක් වැඩියි. එහෙම වෙලාවට අපිට E-Bay use කරන්න පුළුවන්. (හැබැයි මේවයේ quality එක ගැනනම් sure කරන්න බෑ.)


2 – Mouse


Wireless Mouse ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ගොඩක් Design තියනවා.

3 – Card Readers


ලගදි මං bit කරලා $0.08 කට Card Reader එකක් ගත්තා. (රු. 12 යි නේ)

4 – Watches


ලස්සන Design එක්ක සුපිරි Watch අඩුවට ගන්න පුළුවන්.

5 – Belt

හොද Quality Belt තියනවා. මේවා ගනිද්දී අනිවා හදලා තියන Material එක වගේම දිග , පළල ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.

6 – USB Extend cables


මේකනම් ලංකාවේ මිල වගේ 70% ක් මිල අඩුවෙන් ගන්න පුළුවන්. මමත් ලගදි එකක් ගත්තා.

7 – Phone Pouches


E-Bay වලින් ලංකාවේ ගොඩක් අය මේවා ගන්නවා. පරණ phone model වලට ලංකාවේ Pouch හොයන්න ගියාම එපා වෙනවා. ඒත් E-Bay මේකට කියපු පොට් එක.


8 – USB Wall Outlet

අපිට නිතරම USB port අවශ්‍ය වෙනවනේ. මේ තියෙන්නේ ඒකට විසදුමක්. Phone, Tab charge කරන්නත් use කරන්න පුළුවන්.

9 – Equation Clock (Only for shipping Countries)


සාම්ප්‍රදායික ඔරලෝසුව නැතුව මේ වගේ ගණිත ඔරලෝසුවක් E-Bay වල ගොඩක් ජනප්‍රිය Item එකකි. තරමක් ලොකු Item එකක් නිසා Shipping cost එක ටිකක් වැඩිවෙයි.

10 - iNote Portable Handwriting Note Manager


A4 size එකේ board එකක අපි ලියන දේවල් කෙලින්ම Lap එකට ගන්න මේ ගැජට් එකට පුළුවන්.

11 – Rubik’s cube


12 – Make your own snow globe kit

පොඩි එකාගේ විනෝදේ.. (හිම නැති අපේ රටේ අලුත් අත්දැකීමක් වේවි)

13 - Chill Baby Mustache Pacifier

පොඩි අය ඉක්මනට ලොකු වෙන්න කැමතිනේ. ඒ නිසා මේ වගේ රැවුලකට එයාලා ගොඩක් කැමති වෙයි.

14 – Rechargeable USB lighter

නිතර සිගරට් බොන අයටනම් මේක හොද භාණ්ඩයක්. හැමදාම lighter වලට සල්ලි වියදම් කරන අවශ්‍ය නෑ. Lap එකට ගහලා charge කරලා use කරන්න පුළුවන්.

15 – iTouchless Bag Re-Sealer

මේක හොද භාණ්ඩයක් වෙන්නේ නිතර නිතර බෑග් වර්ග open කලාම අයෙත් seal කරන්න මේකෙන් පුළුවන්.

16- Instant Moustaches

ආතල් එකක් ගන්න සිරා.

17 – Dunk Mug

බිස්කට් එකක් එක්ක එන Mug එකක්. යාලුවෝ, Girl friend පුදුම කරන්න පුළුවන්.

  
නොගතයුතු දේ.

1 – Handsfree / Headset

දැනට තියන 75% ක් ම Handsfree Quality එකෙන් ගොඩක් අඩුයි. හැබැයි හොද ඒවා නැත්තෙමත් නෑ. ඒත් මමනම් කියන්නේ ලංකාවේදී ඔයාම ගිහින් හොද එකක් ගන්න එක මිටවඩා හොදයි කියලා.

2 – ප්‍රමාණයෙන් ඉතා විශාල භාණ්ඩ

මේවා ගොඩක් ඒවා ලංකාවට එවන්නේ නෑ. අනිත් ඒවාට ලොකු Shipping cost එකක් ඉල්ලනවා. ලොකු භාණ්ඩ ගෙදරටම එන්නෙත් නෑ. ඔයාගේ Postoffice එකට ගිහින් අත්සන් කරලා ඔයාටම ගන්න වෙනවා.

3 – Memory cards

ලංකාවේ ගන්නවට වඩා ගොඩක් අඩුවට අවශ්‍ය capacity එක අනුව ගන්න පුළුවන්. එවයෙනුත් capacity එක වැඩි Memory card සාපේක්ෂව ගොඩක් මිල අඩුයි.








4 – Power Bank (Portable charger for Phones/Tab/ Laptops)


මේ ගැන කලින් ලිපියේ විස්තර කළා බලන්න ඇති කියලා හිතනවා.



නිවැරදිව බලා මිලට ගතයුතු දේ

1 – Pen Drives
ගොඩක් අය Pen Drive E-Bay හරහා මිලට ගත්තත් ඒවායේ Data transfer speed එක ගොඩක් අඩුයි කියලා කියනවා. ඒ නිසා description එකේ Data transfer speed එක නිවැරදිව සදහන් කරලා තියන Pen Drive (Flash Drive) විතරක් ගන්න. එතකොට ඇත්තටම ඒ Speed එක නැත්නම් අපිට එයාට complain කරන්න පුළුවන්.

2 – Bulbs

LED Bulbs ගොඩක් මිල අඩුවෙන් තිබ්බත් ඒවා ගන්නා විට වෝල්ට් ප්‍රමාණය (110 v or 230 v) සහ හෝල්ඩර් එකට සවිවන තැන ඇත්තේ Trade නොවන ලෙසටත් අප නිවැරදිව තෝරාගත් යුතුය. 


3 – Phones

E-Bay ගැන ලිපි පළකරද්දී ගොඩක් අය මගෙන් ඇහුවා Phone ලංකාවට ගේන්න පුලුවන්ද කියලා. ඒ ගැනනම් හරියටම උත්තරයක්‌ දෙන්න මට තවම බෑ. නමුත් ලගදි මට යාලුවෙක් call කලාම කිව්වා එයා Phone එකක් ගෙනාවා කියලා.


ගන්න පුලුවන්නම් පට්ටම ලාභයි.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. Bitcoins වලින් ebay එකේ payments කරන්න පුළුවන්ද? පුළුවන්නන් ඒ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මේක බලන්න
      http://www.bloomberg.com/news/2014-09-08/ebay-s-paypal-unit-to-start-accepting-bitcoin-payments.html

      Delete
  2. Hello! I could have sworn I’ve been to your blog before but after going through many of the articls I
    realized it’s new to me. Regardless, I’m certainly happy I discovered
    it and I’ll be book-marking it and checking
    back often!
    https://telectronics.pk/

    ReplyDelete