Powered by Blogger.

Trip යනකොට, වැඩපොළේ සිටිනවිට ප්‍රයෝජනවත් වෙන Power Bank (Portable charger for Phones/Tab/ Laptops)



E-Bay වල අනිත් ජනප්‍රියම අංගය විදියට මේක කියන්න පුළුවන්. නිතරම ගමන් යන අයට මේකේ තියන වටිනාකම කියලා නිමකරන්න බෑ.

මේකෙන් අපිට,
  • ·         අවශ්‍ය ඕනෑම වෙලාවක (වාහනයේදී, වැඩබිමේදී, විදුලිය නැති විටෙක Phone / Laptop charge කරන්න.
  • ·         Battery dead වෙලා තියන Laptop තියන ගොඩක් අයත් මේක use කරනවා.
  • ·         Trip එකක් වගේ යනකොටත් මේක ගොඩක් වටිනවා.

කොහොමද හොද PowerBank එකක් හොයාගන්නේ???

මේකට අපි මුලින්ම මේක අපිට අවශ්‍ය Item වලට support කරනවද කියලා බලන්න ඕනේ. සමහර PowerBank වල අවශ්‍ය Ports නෑ.

Ex: ඔයාට Samsung S4 එකකට හරියන PowerBank එකක් ගන්න ඕනෙනම් ඔයා E-Bay වල search කරද්දී “Power Bank for S4” කියලාම search කරන්න ඕනේ. එහෙම නැතිවුනාම අවශ්‍ය voltage එක Battery එකට එන්නේ නැතිවෙලා Battery එක ටික දවසකින් චාටර් වෙනවා.

ඊළගට ඒක Recharge කරන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. සමහර Power Bank තියනවා කඩේ තියන පොඩි AA Battery වලින් charge වෙන ඒවා. එහෙම ඒවා ගන්න එපා. current එකෙන්ම Charge කරන්න පුළුවන් එකක් ගන්න.

 අනෙක් ප්‍රධානම දේ තමයි Capacity එක
PowerBank වල capacity 1500 mAH වල සිට 30,000 mAH දක්වා තියනවා. සාමාන්‍ය හොද Phone එකක එක Battery එකක Full capacity එක 2000 – 2500 විතර වෙනවා. සාමාන්‍ය Nokia පොඩි phone, Chinease phone 1000 mAH විතව වෙනවා.

හිතන්න ඔයා 20,000 mAH capacity තියන PowerBank එකක් ගත්තා කියලා. එතකොට ඔයාට ඔයාගේ Phone එක අඩුම තරමේ 10  වතාවක්වත් (20,000 / 2000 ) charge කරන්න පුළුවන්. හිතන්න ඔයා ගත්තේ 3000 mAH powerbank එකක් කියලා. එතකොට ඔයාට දෙවතාවක්වත් Phone එක Full charge කරන්න බෑ. (3,000 / 2,000). ඒ නිසා ඔයාට ගැලපෙන capacity තියන powerbank එකක් තෝරාගන්න.

Lap වලට PowerBank use කරන්න පුලුවන්ද?
පුළුවන්. හැබැයි හැම Powebank එකක්ම Lap වලට support කරන්නේ නෑ. ඒක හරියට Check කරලා ගන්න ඕනේ. Lap වලට support කරන එකක් ගණන වැඩි වෙන්න පුළුවන්. 

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment