Powered by Blogger.

ලෝකයේ ලොකුම ස්වභාවික ව්‍යසන 10 ( Top 10 Natural Disasters ever)



අපි හිතන්නෙවත් නැති මොහොතක එන ස්වභාවික අපදා වලින් අපේ ජිවිතේට තියෙන්න අවශ්‍ය අවධානම ගැන මේ ලිපියෙන් පැහැදිළි කරනවා. අපි හොදටම දන්න සුනාමිය ගැන අපිට පොඩි අදහසක්වත් තිබ්බේ නැති නිසා වුන ලොකු ව්‍යසනය ගැන අපි කලින් අවබෝධයක් තිබ්බනම් මිට වඩා ලොකු ජිවිත ගානක් බේරගන්නත් තිබ්බා.

ඒ නිසා මේ වගේ ආපදා වලින් බේරිලා ඉන්න ඔයාලට පොඩි හරි මගපෙන්වීමක් මේ ලිපියෙන් ලැබේවි.

මේකේ වර්ග කිරීම වෙන්නේ නැතිවුන ජිවිත ගණන මත නෙමෙයි. විපතේ විශාලත්වය මතයි..

10.  East Africa Drought (2011)



අප්‍රිකාවේ වසර 60 ක සිට පැවති නියගය නිසා 2001 වසර වනවිට මිලියන 12.4 ක ජනතාව කෑම අර්බුදයකට මුහුණදීලා තියනවා. 

9. North Korean Famine (1994)


"දුෂ්කර මාර්තුව" ලෙසින්ද හැදින්වෙන මේ දුර්භික්ෂය නිසා මිලියන 2.4 ක් මියගොස් මිලියන 3.5 ක් රෝග වලට ගොදුරු වුනාලු. තවද මිලියන 5 කට අධික පිරිසක් සාගතයෙන් පිඩා වින්දා කියලා පැවසෙනවා. නමුත් දකුණු කොරියාව, ජපානය, චීනය හා ඇමෙරිකාව මගින් ලැබුණු අහාර මගින් මොවුන්ට අස්වැසිල්ලක් ලැබිලා තියනවා.

8. European Heat Wave (2003)


උෂ්නතවයේ සිදුවූ වැඩිවීම නිසා බොහෝ AC නොමැති අය වගේම වයසින් වැඩි බොහෝ දෙනෙක් මරණයට පත්වී තිබෙනවා. මේ කාලයේ 75% කට ආසන්න යුක්රේන ජනතාවක් පලා ගියා කියලත් කියනවා.

7. Yangtze River Floods (1931)


ලෝකයේ දිගම ගංගා අතරට වැටෙන මේ ගග 20 වන ශතවර්ෂයේ විශාලතම ව්‍යසනය සිදුකරමින් මිලියන 20 ක් ජනතාව මරු තුරුලට යවා තිබෙනවා.

6. Mozambique Flood (2000)


පුරා සති 5 ක් තිස්සේ එකදිගට පැවති වර්ෂාව නිසා ඇතිවූ ගංවතුරෙන් මිනිසුන් 800 කට හා හරකුන් 20,000 කට මරු කැඳවූ මෙය මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුම විපතක් ලෙස සැලකෙනවා.

5. North American Smallpox Epidemic (1775)


පුරා වසර 7 ක් තිස්සේ ඇමෙරිකාව ආශිතව පැවති වයිරසයක් බව පැවසෙනවා. වමනය, හිසරදය, උණ වැනි ලක්ෂණ මේ රෝගය ඇති අයට තිබ්බලු.

4. The Great White Plaque (1600s)


යුරෝපා රටවල සනීපාරක්ෂක ගැටළු නිසා ඇතිවූ මෙය ඒ කාලයේ ලොකු ඛේදවාචකයක් වුනාලු.

3. Gujarat Earthquake (2001)


ඉන්දියානු 51 වන ජනරජ දිනයේ ඇතිවූ මේ භූමිකම්පාවේ විශාලත්වය 7.6 ක් වනවා. විනාඩි 2 ක් තිස්සේ පැවති මෙය 700km දක්වා දිස්ත්‍රීක්ක 21 ක් පුරා විහිදී තියනවා. මරණ 20,000 ක් සහ ලක්ෂ 4 කට නිවාස අහිමිවීම් ඇතිවී තිබෙනවා.

2. The Black Death (1348)


මේකනම් ගොඩක් ජනප්‍රිය විපතක්. 1348 සිට 1351 දක්වා පැවති මෙය නිසා යුරෝපිකයන්ගෙන් 60% ක් පමණ විනාශ වූ බව පැවසෙනවා. මේ වසංගතය නිසා මිලියන 70 - 200 ට ආසන්න ප්‍රමාණයක් මියගිය බවත් පැවසෙනවා.

1. Spanish Influenza (1918)



මාරාන්තික වෛරස කිහිපක් නිසා ස්පාඤ්ඤ ජාතිකයින්ගෙන් ආරම්භ වූ මෙය ආසියා, යුරෝපිය රටවල පමණක් නොව ඇමෙරිකාවටද පැතිරී මිලියන 40 ක් පමණ මියගිය බව පැවසෙනවා. තවත් තැනක මෙය මිලියන 100 ක් කියලත් තියනවා.

මේ ලිපියේ වැරද්දක් තියනවනම් Comment එකක් දාන්න.

මේ වගේ තවත් ලිපි මෙතනින් ඔයාට බලන්න පුළුවන්.

ලෝකයේ වැඩිම හා හොදම..



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment