Powered by Blogger.

ලොව වැඩිපුරම Facebook භාවිතා කරන රටවල් 10 (Top 10 facebook using countries)



දැනට දැක්වෙන වාර්තා අනුව ලොව ජනගහනයෙන් 13 න් 1 ක් Facebook හිමිකරුවෙක් බවත් එයින් 50% ක් සතියකට වරක් හෝ account එකට log වෙන බවත් ප්‍රකාශ වෙනවා.


මෙයින් 48% ක් ම වයස අවුරුදු 18-34 අතර අය කියලත් කියනවා.

මේ වර්ග කිරීම කරන්නේ වැඩිම ප්‍රමාණයක් facebook භාවිතා කරන්නන් සිටිනා රට අනුවයි.

10. ජර්මනිය (Germany)

මිලියන 22 ක භාවිතා කරන්නන් සිටිනා රටේ 65%-70% ක් අතර ප්‍රමාණයක් වයස අවුරුදු 18-44 සිමාවේ අය කියලත් කියනවා.

9. ප්‍රංශය (France)

මිලියන 25 ක් පරිශීලකයන් පිරිසක් මෙහි සිටිනවා.

8. පිලිපීනය (Philippines)

මිලියන 29 ක පරිශීලකයන් පිරිසක් පිරිසක් සිටිනා මෙහි වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ කාන්තාවන් වීමත් විශේෂත්වයක්..



7. තුර්කිය (Turkey)

මිලියන 32 ක පරිශීලකයන් පිරිසක් මෙහි ඉන්නවා. වැඩිම පිරිසක් වයස අවුරුදු 18-35 අතර වන බව පැවසෙනවා.

6. එක්සත් රාජධානිය (United Kingdom)

53% ක පරිශීලකයින් පිරිසක් සිටිනා මෙහි මිලියන 33 ක් පරිශීලකයින් සිටිනවා.

5. මෙක්සිකෝව (Mexico)
මිලියන 38 ක පරිශීලකයින් පිරිසක් මෙහි සිටිනවා.

4. ඉන්දුනීසියාව (Indonesia)

බහුල වශයෙන් Facebook වලට යොමුවූ මෙහි 22% කට අසන්න ප්‍රමාණයක් Facebook භාවිතයට යොමුවී තිබෙනවා.

3. බ්‍රසීලය (Brazil)

ගැහැණු, පිරිමි දෙපාර්ශවයම සමසේ භාවිතා කිරීමට යොමුවී ඇති මෙහි සමස්ත භාවිතය මිලියන 68 ක්.

2. ඉන්දියාව (India)

ආසියාතික වැඩිම පරිශීලකයින් පිරිසක් සිටිනා මෙහි විශාල වශයෙන් වයස අවුරුදු 18 ට අඩු අය සිටිනා බවත් පැවසෙනවා. මෙහි භාවිතය මිලියන 69 ක්.

1. ඇමෙරිකාව (United States of America)

ඇමෙරිකාව තුල Internet පරිශීලකයින් 78% ක් ඇති අතර Facebook පරිශීලකයින් 67 % ක් දක්නට ඇත. සමස්ත user ප්‍රමාණය මිලියන 160 ක් ඉක්මවා ඇත. (ලංකාවේ ජනගහනය වගේ 8 ගුණයක්) මෙයින් වයස අවුරුදු 18-34 අතර පිරිස ඉතා ඉහල බවයි පැවසෙන්නේ..

කොහොමද වැඩේ?

මේ වගේ තවත් Facebook වැඩ මෙතනින් බලන්න පුළුවන්.

Facebook වැඩකෑලි..

මේ වගේ අරුම පුදුම ලිපි මෙතනින් බලන්නත් පුළුවන්.

ලෝකයේ වැඩිම හා හොදම




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment