Powered by Blogger.

Word, Excel, Powerpoint file open කරන්න බැරිද? “Protected View” කරදරෙන් බේරෙමු. (Solutions for “Protected View” option on MS Office)

නවතම MS Office package එක තුලට එක්කර ඇති ආරක්‍ෂිත මෙවලමක් ලෙස “Protected View” option එක නම් කරන්න පුළුවන්.

මෙය ආරක්ෂාවක් ලෙස එක්කල අංගයක් වුවද මෙහි ඇති අනවශ්‍ය Block කිරීම නිසා අප “Internet” වලදී Download කරගත් file පවා මෙලෙස block කරනවා.
Ex: අපගේ E-Mail වෙත කිසිවෙකු විසින් එවන ලද word file එකක් අප අපගේ computer එකට download කරගෙන open කිරීමේදී මෙලෙස auto block වෙනු ඇති.

ඔබ එක් වරක් හෝ මෙලෙස E-Mail එකක් (Word, exel file සහිත ) open කරගෙන යාමේදී මෙලෙස අත්දැකීමකට මුහුණදෙනු ඇති.

මේ වගේ වෙලාවට මොකද වෙන්නේ??
file එක Double click කරලා open කලත් එක දිගටම “Open in Protected View” කියලා message එකක් දිගටම වැටිලා තියේවි.

මොකද මෙහෙම වෙන්නේ?
Internet එකෙන් Download කරපු වගේම, විශ්වාස කරන්න අමාරු location එකකින් copy කරපු file එකක් කොම් එකෙන් auto open කිරීම වළක්වනවා.

මොකද මේකට කරන්න ඕනේ???
මේකට තාවකාලික විසදුමක් වගේම ස්ථිර විසදුමක් තියනවා.

තාවකාලික විසදුම.
File එක Right click කරලා properties යන්න.

දැන් යට තියන “Unblock” button එක click කරන්න. අන්තිමට Apply කරන්න. දැන් ඔයාට කිසිම අවුලක් නැතිව මේ File එක open කරන්න පුළුවන් වෙයි. හැබැයි මේ විදියට කලාම ඔයාට හැමදාම මේ වගේ කරන්න වෙයි.


ස්ථිර විසදුම.

සාමාන්‍ය විදියට අලුත් Office file එකක් (word file, exel file) open කරන්න.
දැන් File --- > Options -- >  Trust center -- > Trust center settings -- > Protected view වලට යන්න.









දැන් මෙතන option 3 ක ටික් දාලා තියනවා දකින්න පුළුවන්. මේ 3 ම අයින් කරලා Ok දුන්නම වැඩේ ගොඩ.






මේ විදියටම word, exel , powerpoint වගේ හැම එකටම කරන්න ඕනේ. 

වැඩේ ගොඩ නේද?

මේ වගේ Tricks ඔයාට මෙතනින් බලන්න පුළුවන්..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment