Powered by Blogger.

Bookmarks Backup කරමු...


මොකක්හරි case එකක් වෙලා ඔයාට ඔයාගේ C එක Format කරන්න වුනා. එහෙම නැත්නම් අපේ web browser එක Uninstall කරන්න වුනා. අවුරුදු ගානක් එකතුකරගෙන තිබුන Bookmark වලට මොකද වෙන්නේ?

විනාසයි....
                
බයවෙන්න එපා. අද කියන්නම්කො එකට නියම වැඩක්.

මොනවද මේ Bookmark කියන්නේ? කොහොමද ඒවා දා ගන්නේ?

Bookmark කියන්නේ අපිට මොකක්හරි website එකකට webpage එකකට යන්න තියන කෙටි ක්‍රමයක්. අපිට ඉන්ටනෙට් පැත්තේ රවුමක් ගහනකොට හොද වැදගත් website එකකට ගියා කියලා හිතන්න. එතනට ඔයාට ආයෙත් යන්න ඕනේනම් ඔයා එකට Bookmark එකක් දා ගන්න පුලුවන්. Keyboard shortcut එක Ctrl+d (Ex:
ඔයාට මගේ blog එකේ Bookmark එකක් දා ගන්න ඕනෙනම් මගේ Homepage එකට ගිගින් Ctrl+d press කරන්න.

හරි එහෙනම් වැඩේ පටන් ගනිමු..

මේක ඔයා භාවිතා කරන web browser එක අනුව වෙනස් වෙනවා.

Google chrome/ Rockmelt Users ලට.

Address bar එකට දකුණු පැත්තෙන් තියන Button එක click කරලා එතනින් BookmarkàBookmark manager යන්න.



මෙතන Organize වල Export Bookmarks To HTML file යන්න.



ඔයාට කැමති තැනක මේවා save කරලා තියන්න.






දැන් වැඩේ ගොඩ.

දැන් හදිස්සින්වත් ඔයාට අර වගේ අවුලක් ආවොත් අර විදියටම එතනට ගිහින් Import Bookmarks To HTML file වලින් අපි Bookmarks save කරලා තියන file එක දෙන්න..

Firefox Users ලට..
1 ක්‍රමය:
Bookmarkà Manage Bookmarks වලින් Bookmark manager යන්න. (මෙහෙම එකක් නැත්නම් 2 ක්‍රමය බලන්න)

දැන් FileàExport වලින් ගිහින් Bookmarks ,save කරන්න තැනක් දෙන්න.





මොනවහරි වෙලා ඔයාට කලින් වගේ අවුලක් ආවොත් මේ විදියටම ගිහින් FileàImport ගිහින් අපේ Bookmarks save කරපු තැන දෙන්න.






2 ක්‍රමය:
BookmarksàShow all BookmarksàImport and BackupàBackup ගිහින් Bookmark save වෙන්න තැනක් දෙන්න.

දැන්නම් අතත් රිදෙනවා. මේ විදියටම අපේ Browser එකේ save කරලා තියන Password, Backup කරන විදිය කියන්නම්කෝ.

අපේ Browser එකේ දැනට save වෙලා තියන passwords මොනවද කියලා බලන විදිය ඔයාට කලින් කියලා දුන්නා මතක ඇති නේ.  මතක නැත්නම් ඒකත් බලන්නකෝ.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: