Powered by Blogger.

ටොරන්ට් කියන්නෙ මොකද්ද?

දැන් ගොඩක් අය Normal විදියට Download කරගන්නවට වඩා ටොරන්ට් Download පැත්තට යොමු වෙලා. මේක කොහොම වුනත් මේක ගැන දන්නවට වඩා නොදන්නා පිරිස වැඩියි. ඒක නිසයි අද ටොරන්ට් ගැන පොඩි විස්තරයක් දාන්න හිතුනේ.

ටොරන්ට් File එකක් කියන්නේ පොඩි file එකක්. (මේක නිකං ලින්ක් එකක් වගේ එකක්. හැබැයි අපිට මේකෙන් ලෝකෙ වටේ තියන computer වලට සම්බන්ධ වෙන්න පුලුවන්)
මෙවා open කරන්නනම් අපිට UTorrent , BitTorrent වගේ Software එකක් භාවිතා කරන්න වෙනවා.

කොහොමද අපිට අවශ් ඕනම් දේකට ටොරන්ට් file එක හොයාගන්නේ?
            මේකට අපිට ටොරන්ට් වෙබ්සයිට් වල තියන Search Engines භාවිතා කරන්න පුලුවන්. (ඒක අපි Google 1 මොනවහරි ගහලා Search කරනවා වගේ වැඩක්)


            මේ වගේ ටොරන්ට් File එකක් download කරනකොට ගොඩක් අය ගත්ත තැනකින් ගන්න තිබුනනම් හොදයි නේ. ඒක නිසා මේ වගේ ටොරන්ට් file එකක් Download කරනකොට අපි ටොරන්ට් ෆයිල් එකේ rating එක,   ෆයිල් එකේ ඉන්න Seeder, leacher ගාන ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒක download කරපු අය දාලා තියන Comments වලින් File එක හොදයිද කියලා ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.

කව්ද මේ Seeder, leachers?
            අපි ටොරන්ට් ෆයිල් එකක් Download  කරනකොට වෙන්නෙ කව්රුහරි File එක කලින් Download කරපු තැනකින් අපි Download කරගන්න එක. (තේරුනේ නැත්තම් ආයෙත් කියාවලා බලන්න)
ඉතින් අපේ Download ස්පීඩ් එක වැඩි කරන්න File එක පුංචි කෑලි වලට කඩලා එක එක්කෙනාට භාර දෙනවා අපිට මේක upload කරන්න කියලා. Seeders කියන්නෙ මෙයාලට. මෙයාලා කලින් File එක Download කරගෙන ඉවරයි. සමහර අය තවමත් Download කරනවා. leacher ලා කියන්නෙ මෙයාලට. මෙයාලා ගොඩක් වැඩි වුනාම Download speed එකත් වැඩියි.  එතකොට එයාලා File එක Upload කරනවා, අපි file එක Download කරනවා.
දැන් විදියට අපි Download කරගත්ත ටොරන්ට් File open  කරගන්න Software එකක් ඕනේ. ඒකට අපිට Utorrent , BitTorrent use කරන්න පුලුවන්.

Utorrent මෙතනින් download කරගන්න.



වාසි අවාසි:

Download speed එක වැඩියි
අපි වෙන කෙනෙක්ගෙන් upload කරගන්නවා වගේම තමයි අපිත් අනිත් අයට එහෙම upload කරන්න ඕන. මේක අවාසිදායක වගේම Torrent tit-for-tat තාක්ෂණය නිසා එහෙම ගොඩක් Upload කලාම අපි Upload කරපු ධාරිතාව අනුව අපිව Rank කරනවා.
 අපේ Torent client කියන එකේ ratio කියන එකෙන් ඒක බලාගන්න පුලුවන්. අගයෙන් කියන්නෙ අනුපාතයක්. අගය 1.00 වඩා වැඩිනම් කියන්නෙ අපි Download කලාට වඩා Upload කරලා තියනවා. මේ අගය වැඩිනම් අපේ Downlaod speed එකත් වැඩියි.
                peers කියලා එකකුත් අහු වෙනවා.Peers කියන්නේ ඔය File එක Download කරන අයට.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment